![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkvK8iUgDyY7kVBLw2LnPHzKsyZNNl_iWk3c6nrngCk7dHjAPzgiZG8syzVuYbhm4UeP0lzmP6p1kARcVUKo38CkMWpN9-s_mVrXXKVRay384eWEldBo5gPuGc9EFRXIl4_1VGaXDS_4ww/s320/unnamed+%25281%2529.jpg)
ගිරිබාව විද්‍යාලයේ
ආදරණීය දරු දැරියන් වෙතටයි ,
රටම මහත්වූ ව්‍යසනයකට මුහුණ පා සිටින මේ මොහොත වන විට
ඔබට නිවසින් පිටතට යන්නට නො හැකි වූවත්
ආරක්ෂා සහිතව නිරෝගී ව සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.. පළමු
පාසල් වාරයේ අධ්‍යයන කටයුතු නිසියාකාරව අවසන් කර අගැයීම් කරන්නට සියල්ල සූදානම්ව සිටින මොහොතේ දී ක්ෂණිකව පාසල් වසන්නට සිදුවිය.
එසේ වුවත් අධ්‍යයන කටයුතු සඳහා නැවත පාසල විවෘත
වන තුරු ඔබට අධ්‍යාපනයෙන් බැහැර විය නො හැක. ඔබ මේ දිනවල අධ්‍යාපනයෙන් බැහැරව
සිටියොත් නැවත පාසලට එන විට ඔබ දැඩි අසීරුවකට පත්වනු නොඅනුමානය. එනිසා කරන්නට ඇති
වැඩ කොටසමග හැරිය නොහැක .
මෙම නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට මේ සමග ඔබට
ඉදිරිපත් කරන පැවරුම් හා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයමින්, සටහන් අධ්‍යනය කරමින්,
නිවාඩු කාලය පුයෝජනවත් අන්දමට ගත කරන්නට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.